admin Avatar

ඔබ අසීරුවෙන් යමක් දෙස බලන විට ඇස තවදුරටත් දුර්වල වීම වළක්වා ගන්න ඇස් කණ්නාඩිය ඔබට උදව් වනවා. එමනිසා ඇස් කණ්නාඩි පැළදීම කරදරයක් ලෙස සිතන්න එපා. නමුත් අලුතින් ඇස් කණ්නාඩි පළඳින අයට ඇති වන හිසරදය වැනි අපහසුතා නිසා මිල දී ගත් ඇස් කණ්නාඩිය භාවිතා නොකරම සිටින අවස්ථා අප දැක තිබෙනවා.

✅ අලුත් ඇස් කණ්නාඩිය නිසා ඇතිවන වේදනාව

දැනටමත් ඇස් කණ්නාඩි භාවිතා කරන අයෙක් අලුත් කණ්නාඩියකට මාරු වන විට ඇති වන හිසරදය තාවකාලිකයි. නමුත් එය ඔබගේ දෛනික වැඩවලට විශාල බාධාවක් වනවා. එවිට බොහෝ අය උත්සාහ කරන්නේ පැරණි ඇස් කණ්නාඩිය නැවත පැළඳීමටයි. නමුත් මෙම තාවකාලික හිසරදය නැති කර ගැනීමට හෝ අඩු කර ගැනීමට නම් අලුත් ඇස් කණ්නාඩිය නිතර භාවිතා කළ යුතු වනවා. ඇස අලුත් ඇස් කණ්නාඩියට හැඩගැසෙන්නේ එවිටයි.

✅ ඇසට සහනය ගෙනදෙන ප්‍රතිකාර

ඊට අමතරව අදුරු කාමරයකට ගොස් මිනිත්තු 15 ක් ඇස් කණ්නාඩි ගලවා දමා සිටීමෙන් ඇසේ ඇති මාංශ පේශී තාවකාලිකව ලිහිල් වී ඇස් කණ්නාඩිය නිසා ඇති වු හිසරදය සමනය කරගත හැකියි. අදුරේ සිටින විට කිසිවක් දෙස බැලීමට ඇසේ කාචය නාභිගත කිරීමට නුවමනා නිසා ඇසට නිසැක සහනයක් හිමිවෙනවා. දිගින් දිගටම ඔබේ ඇස් කණ්නාඩිය නිසා හිසදරය ඇති වනවා නම් නම් ඇස සිසිල් කිරීමට අයිස් තැබීම වැනි විකල්පයකට හෝ වේදනා නාශක ඖෂධයක් භාවිතා කළ යුතු වනවා.

✅ නිවැරදි කාච රාමුවක් තෝරා ගැනීම

ඇස් කණ්නාඩි පළඳින් විට අපහසුතා ඇති වන්නේ කාචය නිසාම පමණක් නොවෙයි. ඔබට ගැළපෙන කණ්නාඩි රාමුව තෝරා ගැනීමත් අතිශය වැදගත්. විශේෂයෙන් නාසයට හා කනට වේදනාවක් ඇති නොවන කණ්නාඩි රාමුවක් තෝරා ගත යුතු වනවා. එවැනි අවස්ථාවක ඔබගේ ඇස් කණ්නාඩිය පළපුරුදු දෘෂ්ටි පරීක්ෂකවරයෙක් ලවා පරීක්ෂා කරගන්න.

✅ ඩිජිටල් තිරවලින් ඇස පරිස්සම් කරගැනීම

ඩිජිටල් තිර දෙස දිගින් දිගටම බලා සිටීමෙන් ඇස අධික වෙහෙසට හා පීඩාවට පත් වී හිසරදය ඇති විය හැකියි. ඊට ප්‍රතිරෝධකයක් වශයෙන් නිල් ආලෝක කිරණ ප්‍රතිරෝධී කාචයකට මාරු විය හැකියි. ඊට අමතරව පරිගණක නිතර භාවිතා කරන අය වැඩි වාර ගණනක් ඇස්පිල්ලම් ගැසීම සහ විනාඩි 20 කට වරක්වත් පරිගණක තිරයෙන් ඇස ඉවතට ගැනීම අත්‍යාවශය වනවා.

✅ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම

ඇස් කණ්නාඩිය නිසා ඇති වන හිසරදයට මෙම පිලියම් සිදුකර සති දෙකක් තුනක් ගිය පසුත් ඔබගේ හිසරදය එලෙසම පවතිනවා නම් පළපුරුදු වෛද්‍යවරයෙක් හෝ දෘෂ්ටි විශේෂඥයෙක් වෙත යොමු විය යුතු වනවා. ඇතැම් විට එය ඔබගේ කාචයේ බලය අඩු හෝ වැඩි වීම නිසා ඇති වු දෝෂයක් විය හැකියි. නැත්නම් ලබාගන්නා ලද මිනුම්වල වරදක්ද විය හැකියි.

Tagged in :

admin Avatar

One response to “ඇස් කණ්නාඩිය නිසා හිසරදයෙන් පීඩා විඳින අයට විසඳුමක්”

  1. A WordPress Commenter Avatar

    Hi, this is a comment.
    To get started with moderating, editing, and deleting comments, please visit the Comments screen in the dashboard.
    Commenter avatars come from Gravatar.

Leave a Reply to A WordPress Commenter Cancel reply

Your email address will not be published. Required fields are marked *